.

චිත්ත විශුද්ධි පදනම යනු.....

 

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙහි වටිනාකම දැනගත් සැබෑවටම ඒ තුලින් තම සන්තානයන් පිරිසුදු කරගැනීමට වෙරදරන, බුද්ධ ශාසනය තුල ගෞරවයෙන් හැසිරෙන, තමන්ද ආදර්ශමත් වෙමින් අන් අයටද යහපත උදාකරවන්නට බෞද්ධ ශික්ෂාවට පිළිපන්, අනාගත පරපුර වෙනුවෙන් වර්ථමානයේ  පවතින බුද්ධ ශාසනයෙහි උන්නතිය සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කැපවන ශිලවන්ත, ගුණවන්ත පිරිසකගේ එකතුවකින් චිත්ත විශුද්ධි පදනම නිර්මාණය වී ඇත.

චිත්ත විශුද්ධි පදනමේ සාමාජිකයින්ගේ පළමු කාර්යය වන්නේ තමන් ආදර්ශමත්වීමයි. තමන් ආදර්ශමත් නොවී අන් අයට උපදෙස් දීම, පදනමේ සාමාජිකයෝ සිදු නොකිරීමට වග බලාගනිති.

අප සැවොම, එකිනෙකා පරයා යන පටු මානසිකත්වයන් ගෙන් මිදී, සැබෑවටම ධර්මය විමසමින්, අප සැමගේම අඩුපාඩු සාකච්ඡාකොට, සකස් කර ගනිමින් සත්‍යවාදීවම, සෑම අයකු කෙරෙහිම සැබෑ මෛත්‍රී කරුණාවෙන් යුක්තවම, උතුම් බුදුමග වැඩිය යුතුය. එකමුතු විය යුතුය.

මෙම අරමුණ සපුරා ගැනීම සඳහා චිත්ත විශුද්ධි පදනම දැනට සේවාවන් රැසක් සිදුකරමින් පවතී. චිත්ත විශුද්ධි පදනම විසින් සිදුකරන්නාවූ සේවාවන් පිලිබඳ දැනගැනීමටත්, පදනම  හා සම්බන්ධ ස්වාමින් වහන්සේලා විසින් සිදුකරන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමටත්, ඉදිරි වැඩසටහන් පිලිබඳ දැනගැනීමටත්, ඔබගේ දහම් ගැටළු විසඳා ගැනීමටත් මෙම වෙබ් අඩවියෙහි අවස්ථාව ඇති බව දන්වා සිටිමු.

වෙබ් අඩවිය හා සම්බන්ධ ඕනෑම විමසීමක්, අදහසක් හෝ යාවත්කාලීන කිරීම් පිලිබඳ දැනගැනීම සඳහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත e-mail පණිවිඩයක් එවනමෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි !

  Chiththa Vishuddhi Foundation.pdf

 

facebook - https://www.facebook.com/UdudumbaraKashyapaThero