බෞද්ධ මනෝ චිකිත්සාව
රහත් සිතට සමීප වෙමු
උඩදුම්බර කාශ්‍යප හිමි
විද්‍යාව යනු දන්නා බවයි. මනෝවිද්‍යාව යනු මනස පිළිබඳ දන්නා බවයි. යමක් පිළිබඳ තත්වාකාරයෙන් දැනීමකින් තොරව එය භාවිතා කිරීම විශාල අවදානමක් සහිත කාරණාවකි. මන්ද යත් විශාල හානි සිදුවියහැකි බැවිනි.ලොවෙහි මනුසත්භාවය ලැබ, උසස් මනසක් ලැබු මිනිසුන් බොහෝ දෙනෙකුට එහි ක්‍රියාකාරිත්වය නොදැන භාවිතා කිරීමට සිදුවී ඇති බැවින් වැරදීම් සිදුවෙති. වැරදි ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන හැඟීම් දරාගත නොහැකිව හඬති. වැළපෙති. සුසුම් හෙලති. බැන වදිති.
කළහ කර ගනිති. උනුන් ඇනකොටා ගනිති. දිවිපවා තොර කර ගනිති. මෙසේ නොකළ යුතුදේ කිරීමට සිදුවන නොකිය යුතු දේ කීමට සහනොසිතිය යුතුදේ සිතීමට සිදුවන සියලු ක්‍රියාකාරකම් වලට හේතු වන්නේ මනසෙහි ක්‍රියාකාරිත්වය නොදැන සිදුකරන ලද වැරදි භාවිතය නිසා ඇතිවන වැරදි හැඟීම් සමුදායයි. මේ ජීවිතය පමණක් නොව සසර ජීවිතයම විනාශ වන බොහෝ දුක් කම්කටොලු, තීව්ර වේදනා විඳින්නට පවා මෙම තත්වයන් හේතුවේ. එබැවින් මනස පිළිබඳ දැනගෙන එය භාවිතා කිරිම ඉතා වැදගත් වේ.
සතිපට්ඨාන භාවනාව පොත
පුජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් සකස් කරන ලද සතිපට්ඨාන භාවනා පොත ලබාගැනීමට මෙම යෙදුම භාවිතා කරන්න - සතිපට්ඨාන භාවනා පොත